කෙසෙල්වත්තේ වෙඩි තැබීමට යතුරුපැදිය දුන් දෙදෙනා

Share

කෙසෙල්වත්ත පොලිස් වසමේ පිහිටි වෙළෙඳසලක් තුළදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (06) සවස් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි තැබීම සඳහා පැමිණි බවට සැකකරන යතුරු පැදිය ද මේ සමග හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ

වෙඩි තැබූ පුද්ගලයන්ට ඒ සඳහා යතුරුපැදිය ලබාදී ඇත්තේ මෙම දෙදෙනා බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 සහ 30 යන වයස්වල පසුවන මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News