ඊයේ (06) දිනයේ දී යතුරුපැදි අනතුරු හේතුවෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ දහවල් කාලයේ ත්රිකුණාමලය පුල්මුඩේ මාර්ගයේ පලවකුලම් ප්රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.
මේ අතර රාත්රී කාලයේ දී පනාගොඩ ප්රදේශයේදී යතුරුපැදියක් ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පසුපැදිකාරිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බුලත්සිංහල පොලිස් වසමේ බුලත්සිංහල නගරයට ආසන්නයේ දී තවත් යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පසුපැදිකාරිය මියගොස් තිබුණා.