ක්‍රිමියාවේ පාලම් දෙකකට එල්ල වූ ප්‍රහාරයේ වගකීම යුක්‍රේනය භාර ගනී(VIDEO)

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 526 යි.

ගෙවුණ සතිය තුළ රුසියාව යුක්‍රේනයට මිසයිල 65ක් සහ ඩ්‍රෝන 178ක් එල්ල කර ඇති බව සෙලෙන්ස්කි පවසනවා.

එසේම ක්‍රිමියාවේ පාලම් දෙකකට එල්ල වූ ප්‍රහාරවල වගකීම යුක්‍රේනය භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්‍රේනයේ ගුවන් හමුදා දින සැමරුමට සෙලෙන්ස්කි එක් වී තිබෙනවා.

ක්‍රිමියාවේ පාලම්වලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සෙලෙන්ස්කි ගුවන් හමුදා භටයින්ට එහිදී සිය ස්තුතිය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්‍රේනයේ බඩ ඉරිඟු ගබඩාවකට රුසියාව මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News