කිරුලපන පොලිස් වසමේ ඩී.එම් කොළඹගේ මාවත දුම්රිය හරස් මාර්ගය අසල දී ඊයේ (08) නුගේගොඩ සිට නාරාහේන්පිට බලා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
අදාල පුද්ගලයා වයස අවුරුදු 60 ත් 65ත් අතර වයසේ පසුවන, උස අඩි 05ක් පමණ වන අයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා කහපාට ෂර්ට් ඒකක් හා ලා නිල් පාට සරමක් අනතුර සිදුවන අවස්ථාවේ හැඳ සිට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිරුලපන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.