මීගමුව කොළඹ මාර්ගයේ වැලිසර ප්‍රදේශයේ දී මෝටර් රථය මාර්ගය අයිනේ නවතා රියදුරු මෝටර් රථයෙන් බැස සිටියදී මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් එම මෝටර් රථයේ ගැටී ඊයේ (09) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් මෝටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක් වන මඩම්පැන්න, කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



