ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයෙක්ව වෙඩි තබා ඝාතනය කෙරේ

Share

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක Fernando Villavicencio වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඒ ඔහු එරට අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වී සිටියදී.

කෙසේ වෙතත් සැකකරු අල්ලා ගැනීමට සිදුකළ මෙහෙයුම්වල දී ඇතිවූ තුවාල හේතුවෙන් ඔහු ද මිය ගිය බව එරට බලධාරීන් පවසනවා.

ඉක්වදෝරයේ ජනාධිපතිවරණයේ පළමු වටය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Read more

Local News