තවත් සැකකටයුතු මරණයක්

Share

මෙනේරිගම, හඳපාන්ගොඩ ප්‍රදේශයේ තේ ඉඩමක අතහැර දමා ඇති ජලය නොමැති ලිඳක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමුවී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 69 ක් වන මීරියගොල්ල, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා මෙනේරිගම ප්‍රදේශයේම පිහිටි රබර් කර්මාන්ත ශාලාවක මුරකරුවෙකු ලෙස සේවය කර ඇති අතර පසුගිය 07 වන දින සිට මොහු අතුරුදහන්ව සිට ඇති බවත්, පසුව සිදුකල සොයා බැලීමේ දී ඉහත තේ ඉඩමේ ජලය නොමැති ලිඳෙහි තිබී මෙම පුද්ගලයාගේ මෘත ශරීරය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News