දිවයිනට බලපා ඇති අධික උණුසුම් සහිත කාලගුණය හමුවේ මේ වන විට දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව්, වව්නියාව, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්කවලට එලෙස බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
මේ හේතුවෙන් පවුල් 47,983කට අයත් පුද්ගලයින් 129,970 දෙනෙකු පිඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.