කිරි නිෂ්පාදනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට ආරම්භ කර ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
මෙරට දියර කිරි භාවිතය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.



