දිවයිනට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 13කට මේ වන විට බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අතර පවුල් 49,299කට අයත් පුද්ගලයින් 163,398ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධස්ථානය පවසන්නේ.
අම්පාර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මොනරාගල, මුලතිව්, පුත්තලම, රත්නපුර, ත්රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්රික්කවල ජනතාව නියඟය නිසා දැඩි පිඩාවට පත්ව සිටිනවා.
උතුරු පළාතට බලපා ඇති දැඩි නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරේ පිහිටි කුඩා වැව් 2066 ම සම්පුර්ණයෙන්ම සිදී යාමේ අවධානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.