මහියංගනය පොලිස් වසමේ 18 කොලනිය ප්‍රදේශයේ ඊයේ (14) නිවසක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.
මෙම කාන්තාව වයස අවුරුදු 48ක් වන 18 කොලනිය, මහියංගනය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාවගේ හිසේ ලේ ගලන තුවාල කිහිපයක් තිබෙන බවට නිරීක්ෂණය වී ඇති අතර මෙම මරණය ඝාතනයක්ද වෙනත් සිදුවීමක්ද යන්න සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



