කඩුවෙල හෝමාගම මාර්ගයේ අනතුරක් – එක් අයෙක් මරුට

Share

නවගමුව පොලිස් වසමේ කඩුවෙල හෝමාගම මාර්ගයේ කොරතොට ප්‍රදේශයේ දී කඩුවෙල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා නවගමුව රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News