විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
ක්‍රමවේද 03 ක් ඔස්සේ මෙම නිවාස ඉදිකිරිම සිදුකරනු ලබයි.
ඉන් පළමු ක්‍රමවේදය වන්නේ, සිය ඉඩමක නිවාසයක් ඉදිකර දීමයි.
දෙවැන්න ඉඩම් නොමැති අයට නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකිරීමට කටයුතු කිරීමයි.
තුන්වන ක්‍රමවේදය වන්නේ මහල් නිවාස ඉදිකර දීමයි.
මේ නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහයෝගය ලබාදෙන අතර ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතයි.
දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මඟින් නිවාස අවශ්‍යතාව ඇති විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ ව සමීක්ෂණයක් සිදු කර ඇති අතර ඊට අයදුම්පත් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.



