රාගම දුම්රිය ස්ථානය අසල දී දුම්රිය ගේට්ටුව වසා තිබිය දී පාපැදියක් තල්ලු කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී තිබෙනවා.
තුවාලකරු රාගම රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
මොහු ලා කහ පැහැති ටී ෂර්ට් එකක් සහ කලු පැහැති කොට කලිසමක් හැඳ සිට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



