නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු පත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔවුන්ට පත්වීම් ලිපි ලබාදීම ඊයේ (15) සිදු වුණා.
ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.



