චීනයේ විරැකියාව සම්බන්ධ දත්ත නිකුත් කිරීම අත්හිටුවයි

Share

චීනයේ තරුණ ප්‍රජාවගේ විරැකියාව සම්බන්ධයෙන් දත්ත නිකුත් කිරීම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීන ආර්ථිකයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගත් බවයි වාර්තා වන්නේ.

පසුගිය ජුනි මාසයේ දී එරට නාගරික ප්‍රදේශයන්හි විරැකියා අනුපාතය 20% ඉක්මවා තිබුණා.

එසේම එරට සමස්ත විරැකියා අනුපාතය ජූලි මාසයේදී 5.3% කින් ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News