පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක, ආරක්‍ෂක ලේකම් හමුවෙයි

Share

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හමුවී තිබෙනවා.

නව පාකිස්ථාන ආරක්‍ෂක උපදේශකවරයාව ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔහු සමඟ සුහද කතාබහක ද නිරත වුණා.

මෙම සාකච්ඡාවේ දී කර්නල් ෆාරුක් තම රටට අවශ්‍ය අවස්ථාවල දී ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පලකළ අතර, දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කිරීම සිය අභිලාෂය බව පවසා තිබෙනවා.

Read more

Local News