යතුරු පැදි සොරකම්වලට සම්බන්ධ 2ක් අත්අඩංගුවට

Share

වත්තල පොලිස් වසමේ දික්ඕවිට ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් විසින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 870ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සිදුකල විමර්ශනයේ දී සැකකරු පැමිණි යතුරු පැදිය සීදුව පොලිස් වසමේ දී සොරාගන්නා ලද යතුරු පැදියක් බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු විසින් රාගම පොලිස් වසමේ දී සොරා ගන්නා ලද තවත් යතුරුපැදියක ගලවන ලද කොටස් සමග එයට සම්බන්ධ තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 හා 26 වයස්වල පසුවන උස්වැටකෙයියාව හා හැඳල ප්‍රදේශවල පදිංචිකරුවන්.

Read more

Local News