පසුගිය15 වන දින තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ප්රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු එදිනම අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව වැඩිදුර විමර්ශන සිදුකර ඊයේ (20) දහවල් බලපිටිය පොලිස් වසමේ දී මෙම ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කල සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී හෙරොයින් ග්රෑම් 20 ක් සමඟයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක්වූ බලපිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.



