හිලරි සුළි කුණාටුව අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයට ඇතුලු වී තිබෙනවා.
පැයට කිලෝමීටර් 200 ඉක්මවා ආරම්භ වූ හිලරි සුළි කුණාටුවේ ප්‍රභලත්වය මේ වන විට පැයට කිලෝමීටර් 119ක් දක්වා පහළ බැස තිබෙනවා.
දකුණු කැලිෆෝනියාවට මීට පෙර මෙවන් නිවර්තන සුළි කුණාටුවක් බලපා ඇත්තේ වසර 84කට පෙරයි.
කැලිෆෝනියාවේ මිලියන 09ක පමණ ජනතාවට ගංවතුර අවධානම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



