මව සහ දියණියට මරු කැඳවූ මාරක අනතුර

Share

අනුරාධපුර පොලිස් වසමේ පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ කඩ 30 ප්‍රදේශයේ දී ජයන්ති වටරවුම දෙසට ධාවනය වූ ටිපර් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේ දී ඊයේ (21) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකාරිය සහ පසු පස ගමන්කළ දැරියක් අනුරාධපුරය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී දෙදෙනාම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 36 ක් වන යාය 14, කලාඔය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර දැරිය වයස අවුරුදු 07 ක් වන මියගිය කාන්තාවගේ දියණිය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News