ත්‍රිරෝද රථයක ගැටී කාන්තාවක් මරුට

Share

පොල්ගහවෙල අලව්ව මාර්ගයේ අලව්ව ජල පොම්පාගාරය අසල දී පොල්ගහවෙල දෙස සිට අලව්ව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 71 ක් වන අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News