සඳට ගොඩබැස්සවීමට ආසන්නයේ පවතින ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 යානයේ රෝවරය එය ගොඩබෑමට සුදුසු ආරක්ෂිත ස්ථානයක් සොයමින් සිටිනවා.
රුසියාවේ ලූනා 25 යානාව කඩා වැටීමත් සමඟ ඉන්දියාව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව චන්ද්‍රයාන් 3 යානය හෙට දිනයේ දී ඉන්දීය වේලාවෙන් පස්වරු 06.04ට සඳ මත ගොඩබැස්සවීමට සැළසුම්කර තිබෙනවා.
මේ වන විට යානය ගොඩබෑමට නියමිත ප්‍රදේශය සිතියම් ගතකරමින් බෑවුම් සහ තැනිතලා පිළිබඳ අධ්‍යනයක නිරත වන බවයි වාර්තා වන්නේ.