සෞදි අරාබි දේශසීමා ආරක්ෂකයින් සිදුකළ සමූල ඝාතනය

Share

සෞදි අරාබි දේශසීමා ආරක්ෂකයින් එක්ව අනවසර සංක්‍රමණිකයන් සිය ගණනක් වෙඩි තබා ඝාතනය කර ඇති බවට නවතම වාර්තාවකින් හෙළි කර තිබෙනවා.

අසල්වැසි යේමනයේ සිට දේශසීමා තරණය කරමින් පැමිණෙන අයට මෙසේ වෙඩි තබන බවයි හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ.

එසේ පැමිණෙන බොහෝ පිරිසක් ඉතියෝපියානුවන් බවද වාර්තා වනවා.

එම සරණාගතයින්ට වධහිංසා පමුණුවන වීඩියෝ පට කිහිපයක් ද සමාජ මාධ්‍යවලට මුදා හැර තිබෙනවා.

ඔවුන් අතර කාන්තාවන් හා දරුවන් ද සිටීම බරපතල තත්ත්වයක් බවයි ලොව පුරා මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ එල්ල වන චෝදනා සෞදි අරාබිය ප්‍රතික්ෂේප කරනවා.

Read more

Local News