වතුකරයේ ගැටලුව නිසා පාර්ලිමේන්තුව උණුසුම්(VIDEO)

Share

ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ රත්වත්ත වතුයායේ ජීවත් වූ පවුල් 03 ක පුද්ගලයින් 14දෙනෙකු බලහත්කාරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පාර්ලිමේන්තුවේ සභාගර්භය මැදට පැමිණි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පුවරු ද රැගෙන විරෝධතාවයේ නිරත වුණා.

කෙසේ වෙතත් මේ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුව ඉදිරියේ ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේ.

මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවට දැනුමි දුන්නා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News