හඟුරන්කෙත පොලිස් වසමේ දාරාඔය ප්රදේශයේ පිහිටි ෆයිනස් කැලෑ කොටසක ඊයේ (22) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
හඟුරන්කෙත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත වහාම ක්රියාත්මක වූ පොලිසිය, වන සංරක්ෂණ නිලධාරින් සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් අක්කර 05 පමණ ප්රමාණයක් විනාශ වී ඇති අතර, ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.



