පදික මාරුවක අනතුරක් – එක් අයෙක් මරුට

Share

කළුතර දකුණ පොලිස් වසමේ ගාල්ල කොළඹ මාර්ගයේ සිරිකුරුස පාසල අසල දී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක, පදික මාරුවකින් මාර්ගය හරහා ගමන් කල පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 54 ක් වූ තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News