සිකුරාදා සිට සුබසාධන දීමනා ලබාගැනීමට අවස්ථාව

Share

ජුලි මාසයට අදාළ වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 2,684ක මුදලක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාණ්ඩාගාරය විසින් ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සිය නිල ට්විටර් ගිණුවේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල මඟින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යල මඟින් ද ජනතාවට එළැඹෙන සිකුරාදා සිට ලබාගත හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News