බිළිඳුන් 7ක් ඝාතනය කළ හෙදියකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

Share

අලුත ඉපදුණු බිළිඳුන් 7 දෙනෙකු ඝාතනය කළ හෙදියකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දුන් පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.

ලුසි ලෙට්බි නට් මෙම කාන්තාව මෑත ඉතිහාසයේ මෙතරම් දරුවන් සංඛ්‍යාවක් ඝාතනය කල ප්‍රථම තැනැත්තිය ලෙසයි සැලකෙන්නේ.

33 හැවිරිදි ලුසී තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම ඝාතන 7ට අමතරව ඇය භාරයේ ප්‍රතිකාර ලැබූ තවත් බිළිඳුන් 6 දෙනෙකු ඝාතනය කිරීමට උත්සහ කර ඇති බවද විදෙස් මාධ්‍යයේ සඳහන්.

ඝාතනය සිදු කිරීමට හේතුව කුමක්ද යන්න පවසා නැති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නැති බවද නඩු විභාගය අතරතුර දී ඇය පවසා තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News