වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම්

Share

මෙරට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ නියාමනය ඇතුලු කරුණු කීපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, මගී ප්‍රවාහනයේ නිරතවන ත්‍රිරෝද රථ සංගම් කිහිපයක නිලධාරීන් ඇතුලු සාමාජිකයින් පිරිසක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වුණා.

වෘත්තිය සංගම් ලෙස තම සාමාජිකයන් මුහුණ දෙන පොදු ගැටළු කිහිපයක්‌ පිළිබඳ මෙහිදී ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයින් විසින් අමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබුණා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධව ක්‍රියාත්මක වන වැඩපිළිවෙල ක්‍රමවත් කිරීම, දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි ත්‍රීරෝද රථ නියාමනය පිළිබඳව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම, ත්‍රිරෝද රථ අමතර උපාංග සවි කිරීම සඳහා ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය ඇතුළු ගැටලු කිහිපයක් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News