අක්කා තෑගි දුන් බලාපොරොත්තුව

Share

පෙරුම් පිරූ නමුත් සැබෑ කර ගැනීමට අපහසු වූ බලාපොරොත්තුවකට පණ දුන් පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා.

ඒ 34 හැවිරිදි දරු ඵල නොමැති කාන්තාවකට ඇයගේ වැඩිමල් සොයුරියගේ ගර්භාෂය පරිත්‍යාග කිරීමයි.

පැය 9යි විනාඩි 20කට පසු ඇයගේ ගර්භාෂය බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව නිම කල බව වාර්තා වනවා.

මෙම සැත්කම සදහා වෛද්‍යවරු හෙද හෙදියන් ඇතුලු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එක්ව තිබෙනවා.

40 හැවිරිදි වැඩිමහල් සොයුරියට දරුවන් දෙදෙනෙකු සිටින අතර තම නැගණියට දරුවන් නැති නිසා ඇයගේ ගර්භාෂය පරිත්‍යාග කිරීමට ඇය ඉදිරිපත් වී තිබෙනවා.

මෙය එක්සත් රාජධානියේ සිදුකල පළමු ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කම ද වනවා.

Read more

Local News