ගුරු පුරප්පාඩු ගැන තීරණයක්

Share

ඉදිරි සති දෙක ඇතුළත පළාත් මට්ටමින් නව ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පළාත් සභාවලට බලය දෙන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

විශ්‍රාමගිය සහ සේවය හැර ගිය ඉංග්‍රීසි භාෂාව වැනි විෂයන් සඳහා වූ ගුරුවරුන් නැවත වසර 02ක් සඳහා සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියා.

විද්‍ය ,තාක්ෂණ ඉංග්‍රිසි විෂයන් සඳහා ගුරුවරු 5400ක් බඳවා ගැනීමට අවසර ලබා දුන් බවත් මධ්‍යම පළාත මේ වන විට ගුරුවරු 700ක් බඳවා ගැනීමට කටයුතු කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

Read more

Local News