පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ පවසනවා.
ඒ සඳහා විශ්‍රාම වැටුප් පනත සහ පිරිවෙන් අධ්‍යාපන පනතේ ද සංශෝධන සිදු කළ යුතු බවත්, ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිර්දේශ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මෙම අදහස් පළකර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත බේරුගොඩ මහතා මෙසේ ද පැවසීය.



