කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් බිහි වු ප්‍රථම ගුවන් හමුදාපතිට උපහාර

Share

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ඉතිහාසය තුළ බිහි වූ පළමු ගුවන් හමුදාධිපතිතුමන් ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඉතිහාස ගත වූ අතර, ඒ වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ උපහාර පිදීමේ උත්සවය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සුවිශේෂී දක්ෂතා දක්වනු ලැබූ හමුදා හා සිවිල් රාජ්‍ය සේවයට කැප වී කටයුතු කරනු ලබන පුද්ගලයින් හට දක්වනු ලබන උපහාරයක් වන Hall of Fame උපහාර ලද්දන් අතරට වත්මන් ගුවන් හමුදාධිපති තුමන්ව ද එක් කිරීම මෙහිදී සිදුවුණා.

මෙහිදී ගුවන් හමුදාධිපති විසින් රණවිරු අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කරනු ලැබූ අතර අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෙසා විශේෂ දේශනයක් පවත්වා තිබුණා.

අනතුරුව ගුවන් හමුදාධිපති විසින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් හමු වී සුහද කතාබහක නිරත වූ අතර, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව ද අවධානය යෙමු කර තිබුණා.

මෙම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් පිරිසක් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වී සිටියා.

Read more

Local News