පානදුර දකුණ පොලිස් ස්ථානයට වාර්තා වූ දේපල සොරකමක් සම්බන්ධව සැකකරුවෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගෙන් සිදුකල ප්රශ්න කිරීමේදී ඔහු සන්තකයේ තිබී විවිධ වර්ගවල ජංගම දුරකථන 24 ක්, ලැප්ටොප් පරිගණක 05 ක් සහ ටැබ් යන්ත්රයක් සොයා ගත් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වූ නුගේගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.