ආසියානු කලාපයේ ප්‍රබල රටවල් දෙකක් වන චීනය සහ ඉන්දියාව අතර මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ඒ පසුගියදා චීනය නිකුත් කල නව සිතියමක් නිසයි. ඉන්දියාවේ නැගෙනහිර හිමාලයේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ අක්සායි චින් සානුව ඇතුළු ප්‍රදේශය දකුණු ටිබටයේ කොටසක් ලෙස නම් කරමින් චීනය එම නව සිතියම නිකුත් කර තිබෙනවා.
තම භූමි හිමිකම මෙලෙස අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධය මතුව ඇති බව විදෙස් මධ්‍යයේ සඳහන්. ඉන්දියාවේ විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ඇරින්ඩම් බැක්කි පවසන්නේ චීනය සිදු කරන මෙම ප්රකාශයන්ට කිසිඳු පදනමක් නැති බවයි.
චීනය හඳුන්වා දී ඇති මෙම සිතියම නිසා දෙරට අතර ගැටුම් තවදුරටත් වර්ධනය වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.