පොලිස් රාජකාරියට බාධාකල 2ක් අත්අඩංගුවට

Share

ඇහැටුවැව පොලිස් වසමේ දළුපතගම ප්‍රදේශයේ දී ඇහැටුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නීති විරෝධී මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම සැකකරු සමග ඔහුගේ පුතා එක්ව අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබෙනවා.

පසුව මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 52 යන වයස්වල පසුවන මකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලෝසිය සඳහන් කළේ.

Read more

Local News