තවත් අනතුරක් – ජීවිතයක් අහිමි වෙයි

Share

හෙට්ටිආරච්චිගම වරාවැව මාර්ගයේ ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් එයට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී ඊයේ (04) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 53ක් වූ හෙට්ටිආරච්චිගම, වරාවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිරිබාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News