වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

රත්මලාන ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙළඳසැලක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් විමර්ශනයක් සිදු කර මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 වන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගේ සන්තකයේ තිබී ඝාතනයට පැමිණි යතුරු පැදියේ දුම් සහතිකය සහ යතුරු පැදියේ එන්ජින් අංකය සහ චැසි අංකය වෙනස් කිරීමට යොදා ගත් උපකරණ කිහිපයක් සොයා ගෙන ඇති අතර, සැකකරු හා දේපල වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News