මත්පැන් බලපත්‍ර හා ව්‍යාජ මත්පැන් ස්ටිකර් පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය

Share

මත්පැන් බලපත්‍ර ලබාදීම සහ ව්‍යාජ මත්පැන් ස්ටිකර් පිළිබඳව දැඩි ආන්දෝලනයක් රට තුළ මතුව තිබෙනවා.

අද මෙම ගැටලුව පාර්ලිමේන්තුවට ද පැමිණියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසි හතේ දෙක යටතේ අදාළ ගැටලුව පිළිබඳ යොමු කළ පැනයකට පිළිතුරු ලබා දුන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියයි.

එහිදී ඔහු පවසා සිටියේ ව්‍යාජ ස්ටිකර් සහිත තහවුරු කරගත් මත්පැන් බෝතල් සඳහා රුපියල් කෝටි 05 කට අධික දඩ මුදලක් නියම කර ඇති බවයි.

Read more

Local News