පෑලියගොඩ මැනිං වෙළඳපොළේ කසල ඉවත් කිරීම නව සමාගමකට

Share

පෑලියගොඩ මැනිං වෙළඳපොළේ කැළි කසල ඉවත් කිරීමට මේ මාසයේ දී නව සමාගමකට ලබාදෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ හා ඉඩම් සංවර්ධන) ඊ. ඒ. සී. ප්‍රියශාන්ත පවසනවා.

ඔහු සඳහන් කරන්නේ දැනට කැලි කසල ඉවත් කරනු ලබන සමාගමේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් ප්‍රශ්න ගණනාවක් උද්ගත වී තිබෙන බවයි.

මෙම වෙළඳපොළ නිරන්තරයෙන්ම පිරිසිදුව පවත්වා ගෙන යෑමට තමන් වෙළඳසංගම්වල සහාය බලාපොරොත්තුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Read more

Local News