සැකකටයුතු මරණයක්

Share

වැල්ලවාය පොලිස් වසමේ ගංපංගුව ප්‍රදේශයේ නිවසක කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් සිටින බවට වැල්ලවාය පොලිස් ස්ථානයට 118 මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 33 ක්වූ ගංපංගුව වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා තම මව හා වැඩිමහල් සහෝදර සහෝදරියන් සමඟ නිවසේ පදිංචිව සිටින අතර නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු නිතර බීමත්ව සිටින බවත් නිවසියන් හා අසල්වැසියන් සමග ආරවුල් ඇති කර ගන්නා පුද්ගලයෙකු බවටත් විමර්ශනවල දී අනාවරණය වි තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News