පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිළධාරී තනතුරු 4000කට ආසන්න ප්‍රමාණයක් සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.