බහින්බස් වීමක් දුරදිග යයි – එක් අයෙක් මරුට

Share

මොරටුව පොලිස් වසමේ ලුනාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ලුනාව රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (12) මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 58ක් වූ ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ පැවති ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් අතරතුර දී එම පුද්ගලයා විසින් කඩුවකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News