2022/23 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමු කිරීම අද 14 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.
විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමු කිරීමට සති තුනක කාලයක් ලබා දෙන බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.
එමෙන්ම නව පාඨමාලා කිහිපයක් හඳුන්වා දීමට සහ සිසුන් වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට මෙවර කටයුතු කර තිබෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.