කුච්චවේලි පොලිස් වසමේ කල්ලම්පත්තුව කැලෑ ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 56 ක් වූ කල්ලම්පත්තුව, තිරියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා කල්ලම්පත්තුව කැළෑ ප්‍රදේශයේ දර කැඩීමට ගොස් සිටිය දී වන අලියෙකු පහරදීම හේතුවෙන් මිය ගොස් ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වි තිබෙනවා.



