පසුගිය පළවනදා (01) මාලිගාවත්ත පොලිස් වසමේ එච්.ආර්. ජෝතිපාල මාවත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකල වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරු ඊයේ (19) මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 38ක් වන බේස්ලයින් පාර, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිකරු වන වයස අවුරුදු 20ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.



