හෝමාගම පොලිස් වසමේ ග්රින්කෝඩ් හංදිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී හෝමාගම පොලිස් වසමේ සිදු වූ සොරකම් කිහිපයක්ම ඔහු විසින් සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර සොරකම් කරන ලද දේපලවලින් කොටසක් සැකකරුගේ නිවසේ තිබී සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන පිංකෙත, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



