මතුගම පොලිස් වසමේ කළුතර – මතුගම ප්‍රධාන මාර්ගයේ ආනන්ද ශාස්ත්‍රාලය ඉදිරිපිට දී කළුතර දෙස සිට මතුගම දෙසට ධාවනය වූ ස්කැවේටර් රථයක්, මාර්ගයේ දකුණු පසින් පා ගමනින් ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකුගේ ගැටී ඊයේ (20) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා වැත්තෑව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 13ක් වන නෑබඩ, මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
අනතුරට සම්බන්ධ ස්කැවේටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



