හික්කඩුව පොලිස් වසමේ කුරුදුවත්ත දුම්රිය හරස් මාර්ගය අසල දී මරදානේ සිට මාතර බලා ධාවනය වු රුහුණු කුමාරි සීග්රඝාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු ඊයේ (20) මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 55 ත් 60 ත් අතර පමණ, උස අඩි 05ක් හා කෙට්ටු සිහින් සිරුරකින් යුත් හිසෙහි මුදුන තට්ටය පෑදී ඇති පිරිමි පුද්ගලයෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



